මීගලෑවේ දී කොල්ලකරුවන්ට පොලිස් වෙඩි ප්‍රහාරයක් - අයෙක් මරුට

මීගලෑවේ දී කොල්ලකරුවන්ට පොලිස් වෙඩි ප්‍රහාරයක් - අයෙක් මරුට

July 25, 2017   08:45 am

මීගලෑව, ලස්සනගම ප්‍රදේශයේ විහාරස්ථානයක දේපළ කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විහාරස්ථානයේ දේපල කොල්ලකෑමට පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණෙන බවට ලද තොරතුරක් මත මීගලෑව පොලීසිය අදාළ යතුරුපැදිය නවතා පරීක්ෂා කර ඇති බව සඳහන් වෙයි.

එහිදි කොල්ලකරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පොලීසිය ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

වෙඩි වැදීමෙන් කොල්ලකරුවන් දෙදෙනා තුවාල ලබා මීගලෑව රෝහලට ඇතුළත් කිරීමේ දී එක් කොල්ලකරුවෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනෙක් සැකකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා තිබේ.

සැකකරුවන් සතුව තිබී ටී -56 ගිනි අවියක්, පිස්තෝලයක් සහ ජීව අත්බෝම්බයක් පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් මීගලෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.