පොලීසියේ රාජකාරියට බාධා කළ අයට වැඩ වරදින ලකුණු
July 24, 2017 10:01 pm
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලීසියේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා පොලීසියට සංස්කරණය නොකළ විඩියෝ දර්ශන ලබා දෙන ලෙස අධිකරණය මාධ්‍ය ආයතන 06 ට නියෝග කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා එම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.
කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පසුගියදා අනවසරෙන් අයුතු ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ 08කට වැඩි පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග ලබා ගෙන තිබූ බවයි .