ඇතැමුන් රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා

ඇතැමුන් රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා

July 24, 2017   09:16 pm



රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට නම් වැරදි කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එසේ නොවන්නේ නම් සමස්ත රණවිරුවන්ම අපකිර්තියට පත් වන බවයි.

කොළඹ අද(24) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යරයා මේ බව කියා සිටියේය. 

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ඇතැමුන් රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළමින් මාධ්‍ය සන්දර්ශනයක නිරත වන බවයි.

එමෙන්ම රණවිරුවන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන විට ඊට අණදුන් පුද්ගලයින් කළබලයට පත්වී ඇති බවද ඒ මහතා කියා සිටියේය.