ඉසුර වැදි බණ කියනවා

ඉසුර වැදි බණ කියනවා

July 24, 2017   09:06 pm



කුණු ප‍්‍රශ්නය විසදීමට උදව් උපකාර නොකර ඉසුර දේවපි‍්‍රය මහතා විසින් වැදි බණ කියමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා පවසයි.

එමෙන්ම ඉසුර දේවප්‍රිය මහතා බස්නාහිර මිසක් යාපනේ මහඇමති නොවන බවද ඒ මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේ කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා, 

“ මම දැක්කා ඊයේ පෙරේදා පිළියන්දලට කුණු ගෙනාවොත් පාරේ නිදිය ගන්නවයි කියලා කියනවා. මම හිතුවා විග්නේශ්වරන් ඇමතිතුමාද කිව්වේ කියලා. බලනකොට අපේ මහඇමති ඉසුර දේවපි‍්‍රය මැතිතුමා තමයි කියලා තියෙන්නේ. අපට එතුමාගෙන් අහන්න වෙනවා එතුමා කොයි පළාතේ මහ ඇමතිවරයාද කියලා. එතුමාගේ මහඇමති සීමාවේ කොළඹ නගරය නැද්ද කියලා එතුමාගෙන් අහන්න  ඕනේ. මේ අපිත් එක්ක ගිය සුමානෙත් කොළඹ නගර සභාවේ ප‍්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා කුණු ප‍්‍රශ්නේ විසඳන්න උදව් කරනවයි කියලා ගිහින්, ඊයේ පෙරේදා මාධ්‍යවලට ගිහිල්ලා කියනවා පාරේ නිදියගන්නවයි කියලා.

මම හිතනවා මේක කිසි තේරුමක් නැති කතාවක්. එහෙම මේ ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ. ඒ නිසා අපි මේ යහපාලන ආණ්ඩුව හැටියට සියලුදෙනාම එකතු වෙලා මේ ගැටළුව විසඳන්න උත්සාහ කරන්න  ඕනේ. එතකොට මේ වෙලාවේ මේක කඩාකප්පල් කරන්න, කකුලෙන් අදින්න වැඩකරනවානම් මම හිතන්නේ මේක මේ දේශපාලන වාසි ලබාගන්න හදනවා නම් මේක තවත් අවුල් වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා අපි මහ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ ප‍්‍රකාශ නොකර අද මේ අපිට සන්තෝෂවෙන්න පුළුවන් ප‍්‍රමාණයකට මේ ගැටළුව විසඳලා තිබෙනවා. ඒ නිසා එයත් සමග එකතුවෙලා මේක තවත් සාර්ථක කර ගන්න ඉස්සරට යන්නේ නැතිව එක එක තැන්වලට ගිහිල්ලා ප‍්‍රවෘත්ති සාකච්ඡා නිකුත් කරලා නිකන් බොරු කාඩ්බෝඩ් වීරයෝ වෙන්න හදලා නම් ඒ වැඩේ කරන්න බැහැ.


අපි කියනවා මහ ඇමතිතුමාට මෙවැනි ප‍්‍රකාශ කරන්න එපා. ඔබතුමාටත් වගකීමක් තිබෙනවා පළාත් සභාවේ මහ ඇමතිවරයා හැටියට පළාත් පාලන ආයතන තිබෙන්නේ ඔබතුමාගේ යටතේ. අද ජනාධිපතිතුමයි අගමැතිතුමයි එකතුවෙලා තමයි චම්පික ඇමතිතුමාට මේ වැඩේ බාරදීලා තිබෙන්නෙ, ඔබතුමා මහ ඇමතිවරයා හැටියට මේ රජයේ තීන්දු තීරණවලට එකඟවෙලා යන්න  ඕන ගමනක ඔබතුමා ඉන්න  ඕනේ. එහෙම නැතිව වෙන වෙන දේශපාලන න්‍යාය පත‍්‍ර තියාගෙන එක එක ප‍්‍රකාශ කරලා මේ ප‍්‍රශ්න විසඳන්න බැහැ. ඒ නිසා අපි මහඇමතිතුමා කියන්න  ඕනේ මේක කඩාකප්පල් කරන්න එපා, යම්කිසි ප‍්‍රමාණයකට අපි මෙය සාර්ථකව ගෙනගොස් තිබෙනවා, ඒ නිසා මෙයට දායක වෙන්න උදව් වෙන්න කියලා යයි ද පැවසූහ.