පක්ෂයේ විනය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා
July 24, 2017 09:00 pm
පක්ෂයේ විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී ජනතාවට අවබෝධවන අයුරින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ විනය ක්‍රියාමාර්ග ගැනීමේදී සාධාරණ ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ප්‍රමාදයන් සිදු වන බවයි.
මේ අතර මන්ත්‍රීවරුන් ඉවත්වයාම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ සියලු තීරණ ගනු ලබන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ස්ථාවරය මත බවයි.
මේ අතර පොදු ජන පෙරමුණේ එකම ප්‍රතිපත්තිය ආණ්ඩුව විවේචනය කිරීම පමණක් බව පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මහතා පවසයි.
බලපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එම පක්ෂය තම ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කළ යුතු බවයි.
මේ අතර දේශපාලන පක්ෂ බිද දැමීමට ක්‍රියා කිරීමේ පලවිපාක පොදු ජන පෙරමුණට ද බුක්තිවිදීමට සිදු විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.