රිය අනතුරකින් කාන්තාවක් මරුට
July 23, 2017 11:24 am
ජාඇල, ඒකල කාර්මික ජනපදය මඩම හංදිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.
පදික කාන්තාවක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු එම කාන්තාව ජා ඇල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ ජා ඇල ඒකල ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක් බව අනාවරණය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ජාඇල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.