නල්ලූර් වෙඩි තැබීම-පොලිස් සැරයන්වරයා අවසන් ගමන් යයි

නල්ලූර් වෙඩි තැබීම-පොලිස් සැරයන්වරයා අවසන් ගමන් යයි

July 23, 2017   07:08 am




යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන්  තුවාල ලබා රෝහල් ගත කර සිටි පොලිස් සැරයන්වරයා මිය ගොස් තිබේ.

අද (23) අළුයම ඔහු මිය ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
  
ඊයේ (22) පස්වරුවේ යාපනය - නල්ලූර් ප්‍රදේශයේදී ඔහු යතුරුපැදියකින් මහාධිකරණ විනිසුරුවරයාගේ මෝටර් රථයට පිටුපසින් ගමන් කරන අවස්ථාවේදී අදාළ වෙඩි ප්‍රහාරයට ලක් වුණි .

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ  57 හැවිරිදි පොලිස් නිලධාරියෙකු බව වාර්තා වෙයි.