පළාත් සභා නාම යෝජනා බාර ගැනීමේ දිනය 2දා ප්‍රකාශයට පත් කරයි?

පළාත් සභා නාම යෝජනා බාර ගැනීමේ දිනය 2දා ප්‍රකාශයට පත් කරයි?

July 22, 2017   04:09 pm


සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීමේ නාමයෝජනා කැඳවීම ඔක්තෝම්බර් දෙවනදා ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා රත්නපුර ප්‍රදේශයේ අද(22) පැවති උත්සවයකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

එමෙන්ම පාර්ලිමේන්තුව අණ පනත් සකසා දෙනතුරු පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නොහැකි බව ඔහු එහිදී සඳහන් කළේ.