ගිනි අවි 2ක් සමඟ 2ක් දැලේ

ගිනි අවි 2ක් සමඟ 2ක් දැලේ

July 22, 2017   01:42 pm



මහඔය, බෝගමුයාය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් මහඔය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සහ 61 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අද(22) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මහඔය පොලීසිය සඳහන් කළේය.