වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විරෝධතාවක

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විරෝධතාවක

July 22, 2017   01:38 pm


වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙනයාමට උත්සහ කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සහ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්වවිද්‍යාල සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මේ වන විට කොළඹ පුරහල ප්‍රදේශයේ විරෝධතාවක නිරත වෙයි.

අද (22)  උදෑසන මොවුන් කොළඹ නීති විද්‍යාලයේ සිට පුරහල දක්වා පා ගමනින් පැමිණ පුරහල ප්‍රදේශයේ විරෝධතාවයේ නිරතව සිටින බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේ

මෙම උපවාසය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ද සහය හිමිව තිබේ.

මේ අතර අට්ටාලය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ද ලබා ගෙන තිබේ.

කෙසේවෙතත් සිසුන් අධිකරණ නියෝගය ද නොසලකමින් අට්ටාලයේ රැදී සිටිමින් උපවාසයේ නිරත වන බව වාර්තා වෙයි.