පොලීසියේ පිරිසකට ස්ථාන මාරු

පොලීසියේ පිරිසකට ස්ථාන මාරු

July 22, 2017   01:31 pm



පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව සේවයේ අවශ්‍යතාව මත පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකු හා සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු මෙලෙස ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව සඳහන්ය.

පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්.ඒ.ආර්. ප්‍රනාන්දු මහතා පානදුර කොට්ඨාසයේ සිට බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත්, පොලිස් අධිකාරී ටී.පී හේවාපතිරණ මහතා ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ සිට නුගේගොඩ කොට්ඨාසය වෙතත්, පොලිස් අධිකාරී එස්.එම්.කේ.සී තිලකරත්න මහතා ගල්කිස්ස කොට්ඨාසයේ සිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසය වෙතත්, පොලිස් අධිකාරී ජී.ජී. සුදත් කුමාර මහතා මොණරාගල කොට්ඨාසයේ සිට සැපයුම් කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසත් ස්ථාන මාරුකර තිබේ.

සහකාර පොලිස් අධිකාරී ජී.ඒ.එස් පියරත්න මහතා හලාවත කොට්ඨාසයේ සිට ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය වෙතත්, සහකාර පොලිස් අධිකාරී ඒ.කේ.ඩී.යූ හේමන්ත මහතා නුගේගොඩ කොට්ඨාසයේ සිට කොළඹ අපරාධ කොට්ඨාසය වෙතත්, සහකාර පොලිස් අධිකාරී ජී.එම්.ඒ.කේ බණ්ඩාර මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට හලාවත කොට්ඨාසය වෙතත් මාරුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂවරුන් ඇතුළු පොලිස් පරීක්ෂකවරුන් 16 දෙනෙකු ස්ථාන මාරු කර තිබේ.

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසක් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරු සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 07 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 09 දෙනෙකු ස්ථාන මාරු කර තිබේ.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.බී වෙලගෙදර, පී.ඩබ්ලිව්.එස්.බී පළිපාන, පී.ආර් මානවඩු, එස්.අයි.ජේ ද සිල්වා, ඩබ්ලිව්.ඩී.එල්.එන් රොද්රිගු, ආර්.එම්.ජි.ඩී රත්නායක සහ ඒ.ජී.වයි.එස් කීර්තිසිංහ යන මහත්වරුන් ස්ථාන මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

තවද පොලිස් පරීක්ෂකවරුන් වන එන්.ජී. කස්තුරිආරච්චි, ඩබ්ලිව්,ඩී.පී.ටී. කොස්තා, ඊ. මැල්කම් පේට්, එච්.එම් රත්නතිලක, කේ.ඩී.එස් ජයලත්, එල්.එච්.එම්.ඒ බණ්ඩාර, ඩී.ඒ.ඒ පියදාස, ටී.එම් කරුණාතිලක සහ ආර්.පී.කේ.පී.ඩබ්ලිව් රණසිංහ යන මහත්වරුවන් ස්ථාන මාරු කර තිබේ.