ඩෙංගු මදුරු ඝණත්වය ක්‍රමානුකූලව අඩු වෙනවා
July 22, 2017 01:21 pm
දීපව්‍යාප්තව සිදු කෙරෙන ඩෙංගු මර්දන වැඩසටහන් හේතුවෙන් ඩෙංගු මදුරු ඝණත්වය ක්‍රමානුකූලව අඩු වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ ඩෙංගු මර්දන කටයුතු සිදු කරන ප්‍රදේශවල කීට විද්‍යා නිලධාරීන් සිදු කළ සමීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇති බවයි.
මේ අතර ලබන සිකුරාදා දිනයේ පාසල්වල පැවත්වෙන ඩෙංගු මර්දන වැඩසටහනට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පන්නල ජාතික පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේය.