ආණ්ඩුවක් පෙරළිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් පමණයි

ආණ්ඩුවක් පෙරළිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් පමණයි

July 22, 2017   01:06 pm



ආණ්ඩුවක් පෙරලාදැමිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ පමණක් බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාව විසින් ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් තීරණ ගනු ඇති බවයි.

ගාල්ල ප්‍රදේශයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ශාන් විජේලාල් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් ඇති කිරීමට බලය ලබාදී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට බව ද ශාන් විජේලාල් ප්‍රධාන අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.