නීති සමුළුව අද ඇරඹෙයි

නීති සමුළුව අද ඇරඹෙයි

July 22, 2017   12:56 pm



 
ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් සංවිධානය කරන 28 වන ආසියානු නීතීඥ සංගම් සභාපතිවරුන්ගේ නීති සමුළුව අද (22) ආරම්භ වෙයි.

කොළඹදී පවත්වන මෙම සමුළුව දින 3ක් පුරා පැවැත්වෙන බව නීතීඥ සංගමය පවසයි.

ආසියානු කලාපයේ නීතීඥවරුන් හට පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා පැවසුවේය.