ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රයන් තුළ ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ පැසසුමට

ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රයන් තුළ ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ පැසසුමට

July 22, 2017   12:52 pm


වර්තමානයේ දී ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රයන්හි ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා පවසයි.

නියඟය, ජලගැලීම් සහ නායයෑම් වැනි ගැටළු මෙන්ම උතුරේ සහ දකුණේ ඇතැම් අන්තවාදී කොටස්වලින් එල්ල වන බලපෑම් හමුවේ සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් රට සංවර්ධනය කරා ගෙනයාමට ගන්නා වූ ප්‍රයත්නයට සිය සංවිධානයේ අඛණ්ඩ සහය ලබාදෙන බව ඔහු පවසා ඇත.
 
මහ ලේකම්වරයා ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

රට තුළ යළි යුද්ධයක් ඇති නොවන ලෙස සංහිඳියාව ශක්තිමත් කිරීම තම අරමුණ බව එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.