ඉන්දීය ධීවරයින් 8ක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 8ක් අත්අඩංගුවට

July 22, 2017   11:24 am



මෙරට මුහුදු සීමාවට ඇතුළු වී නීති විරෝධී ආකාරයෙන් ධීවර කටයුතුව  නිරතව සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී උතුරු නාවික විධානයට අයත් ප්‍රහාරක බෝට්ටු යාත්‍රාවක් මඟින් අදාළ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

මෙහිදී ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ ඔවුන් පැමිණි ටෝලර් යාත්‍රාව නාවික හමුදාව බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර විමර්ශන සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදුන් බව නාවික හමුදා මාධ්‍ය  ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේය.