නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 4ක් කොටු
July 17, 2017 04:17 pm
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කෝවිලන් මුහුදු ප්රදේශයට නාවික සැතපුම් 09ක් පමණ ඔබ්බෙන් වූ මෙරටට මුහුදු තීරයේදී උතුරු නාවික විධානයට අයත් නාවික නිලධාරීන් පිරිසක් විසින් අදාළ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
එහිදී ඔවුන් සතුව තිබූ ධීවර යාත්රාවක් සහ මසුන් ඇල්ලීම සඳහා භාවිතා කරන උපකරණ කිහිපයක් ද නාවික හමුදාව බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්යක්ෂක වෙත බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.