ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ වෙබ් පිටුවක්

ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ වෙබ් පිටුවක්

July 17, 2017   02:29 pm


ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ දත්ත ලබා ගැනීම සඳහා වෙබ් පිටුවක් නිර්මාණය කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

 ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ දත්ත සම්බන්ධයෙන් කාලීනව පවත්නා ඉල්ලුම මත මෙම වෙබ් පිටුව නිර්මාණය කළ බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජේ. සතරසිංහ මහතා සඳහන් කළේය.

 ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.statistics.gov.lk වෙබ් අඩවියේ gender statistics නමින්  මෙම නව වෙබ් පිටුව නිර්මාණය කර තිබේ.

 දත්ත පරිශීලනය කරන්නන්ට 1995 වසරේ සිට මේ දක්වා විවිධ ක්ෂේත්‍රයන් තුළ ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන්  වෙන්ව රැස්කරගෙන ඇති තොරතුරු පහසුවෙන් ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දීම මෙවැනි වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේ අරමුණ වූ බව ඒ.ජේ. සතරසිංහ මහතා පැවසුවේය.