ඉන්දීය ජනාධිපතිවරණය අදයි
සයුරෙන් එතෙර

ඉන්දීය ජනාධිපතිවරණය අදයි

July 17, 2017   12:59 pm



නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම වෙනුවෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුම අද (17) පැවැත්වේ.

ජනපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ රාජ්‍ය මන්ත්‍රී මණ්ඩලය (රාජ්සභා) සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (ලෝක්සභා) නියෝජිතයන්ගේ ඡන්දයෙන්ය.

ජනාධිපතිවරණයට පාලක භාරතීය ජනතා පක්ෂය සහ ඔවුන්ට සහාය දක්වන සෙසු දේශපාලන පක්ෂ නම් කර ඇත්තේ රාම් නාත් කෝවින්ද්වේ.

හිටපු පාර්ලිමේන්තු සාමාජිකයකු ද වන රාම් නාත් කෝවින්ද් බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාය.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය වන ‘ඉන්දීය ජාතික කොංග්‍රසය’ ඉදිරිපත් කළ අපේක්ෂිකාව මෙයිරා කුමාර්ය. මැය ලෝක් සභා කථානායිකාව ලෙස කටයුතු කළ අයෙකි.

ඉන්දියාව නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම සිදු කරන්නේ එම ධුරයේ සිටින ප්‍රණාබ් මුඛර්ජි ඔහුගේ ධුර කාලය අවසන් වී, එයින් සමු ගැනීමට සූදානම් බැවිනි.

 ඉන්දීය ජනපතිවරයාගේ ධුර කාලය අවුරුදු 5 කි. ප්‍රණාබ් මුඛර්ජි ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා වන අතර ඔහු එම ධුරයට පත් වූයේ 2012 වසරේ ජූලි 25 වැනිදාය.