චීන ආර්ථික වර්ධන වේගය ඇස්තමේන්තු කළ අගය ඉක්මවා යයි
සයුරෙන් එතෙර

චීන ආර්ථික වර්ධන වේගය ඇස්තමේන්තු කළ අගය ඉක්මවා යයි

July 17, 2017   12:35 pm




මේ වසරේ දෙවන කාර්තුවේදී චීන ආර්ථික වර්ධන වේගය ඇස්තමේන්තු කළ අගය ඉක්මවා යාමට සමත්ව තිබේ.

ඒ අනුව මේ වසරේදී අප්‍රේල් සිට ජුනි දක්වා කාර්තුව තුළ එරට ආර්ථික වර්ධන වේගය සියයට 6.9ක් ලෙස වාර්තා වන බව අද (17)නිකුත් කළ සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දෙයි.

මෙම අගය පසුගිය වසරේ එම කාර්තුව සමඟ සැසදීමේදී ආර්ථික වර්ධන වේගය ඉහළයාමක්වේ.

වසර 26කට පසු චීන ආර්ථිකයේ අවම වර්ධන වේගයක් පසුගිය වසරේදී වාර්තා වී තිබේ.

චීනය මේ වසරේ ණය ලබාදිමේ නීතිවල වෙනසක් සිදු කළ ද ආර්ථික වර්ධන වේගයට බලපෑමක් එල්ල වී නොමැති බව පෙනී යයි.

චීනය මේ වසරේදී සියයට 6.5ක සමස්ත ආර්ථික වර්ධන වේගයක්  අපේක්ෂා කර තිබේ.