නීතිවිරෝධි මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක්
July 17, 2017 11:36 am
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වැළැක්වීම සඳහා බලධාරීන් කොතෙක් පියවර ගත්තද අයථා ක්‍රම මඟින් එම ජාවාරම් මෙහෙයවීම සිදුවෙයි.
අද දෙරණ උකුස්සාගේ හෙළිදරව්ව එවන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක් පිළිබඳවයි.
කලක පටන් ඉන්දියාවේ කේරලයේ සිට මෙරටට රැගෙන එනු ලබන ගංජා මීගමුව, කොච්චිකඩේ ඇතුලු ප්‍රදේශ කිහිපයක බෙදාහැරීමේ ජාවාරමක් පිළිබඳව ලද තොරතුරක් මත වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ අද දෙරණ උකුස්සා එක්ව මෙහෙයුමක් දියත් කළේය.
ඒ අනුව ක්‍රියාත්මක වූ උකුස්සා පළමුව ගංජා අදාළ ප්‍රදේශවල බෙදා හරින පුද්ගලයෙකු දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනු ලැබීය.
ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් මිනුවන්ගොඩ නයිවල ප්‍රදේශයේ අදාළ සැකකරු එනතෙක් රැඳී සිටියේය.
පසුව සැකකරු යතුරුපැදියකින් පැමිණෙන විට ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී ඔහු සතුව තිබී කේරල ගංජා තොගයක් සොයා ගැනුණි.
අනතුරුව ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමවලට අනුව වේයන්ගොඩ ප්‍රදේශයේ නිවසක තිබී තවත් කාන්තාවක් සමඟ ගංජා තොගයක් සොයගත්තේය.
මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරකට අධිකයි.
මෙවැනි ජාවාරම් පිළිබඳව තොරතුරු ඉදිරියේදීත් රට හමුවේ අනාවරණය කිරීමට උකුස්සා සීරුවෙන්.