පහරදී ඝාතනය කරලා

පහරදී ඝාතනය කරලා

July 17, 2017   09:49 am



සෙට්ටිකුලම, නේරියන්කුලම ප්‍රදේශයේදී යතුරුපැදි හිස්වැසුමකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

බහින් බස්වීමක් දුරදිග යාමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ නේරියන්කුලම, මාන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සිදු කළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සෙට්ටිකුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.