ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 4000ක් ලැබිලා
July 17, 2017 08:14 am
මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 4000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව එම අධිකාරිය පවසයි.
ළමා අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා හදිසි ඇමතුම් අංක 1929 ඔස්සේ මෙම පැමිණිලි ඉදිරිපත්ව ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.
ඒ අනුව පැමිණිලි 3785ක් ලැබී ඇති බව පෙන්වා දෙන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ පැය 24 පුරා ක්‍රියාත්මක මෙම හදිසි ඇමතුම් අංකයට ළමා අපරාධ සම්බන්ධයෙන් ඕනෑම පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි බවය.
මෙම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ළමා කෘෘරත්වය සම්බන්ධයෙන් ලැබී ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.
එම සංඛ්‍යාව 956ක් වන අතර අධ්‍යාපනය ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිලි 602ක් ලැබී ඇති බව එම අධිකාරියේ වාර්තා පෙන්වා දෙයි.
මීට අමතරව ලිංගික හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 214ක්, බල අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 212ක්, බරපතල ලිංගික අපහාස සම්බන්ධයෙන් පැමිණිලි 117ක්, ළමා ශ්‍රමිකත්වය සම්බන්ධයෙන් පැමිණිලි 102ක් ද ලැබූ ඇති බව ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.
ළමුන් හොර ජාවාරම් කටයුතු සඳහා යොදවා ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 45ක් සහ පැහැරගෙනයාම් සම්බන්ධයෙන් පැමිණිලි 36ක් ද එම අධිකාරිය වෙත ලැබී ඇති බව සඳහන්වේ.
මේ අතර වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 569ක් වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 420ක්, කුරුණෑගගල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 283ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 259ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 214ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.