පළාත් පාලන මැතිවරණය ‍මේ වසරේදී

පළාත් පාලන මැතිවරණය ‍මේ වසරේදී

July 17, 2017   08:02 am


පළාත් පාලන මැතිවරණය මෙම වසරේ නොවැම්බර් මස අග හෝ දෙසැම්බර් මස මුල් සතියේ පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟතාව පළ කර තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති මෙම සාකච්ඡාව සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක නායකයින් එක්ව සිටි බව වාර්තා වෙයි.

මේ අතර කුමන සාකච්ඡා මාර්ග ක්‍රියාත්මක වුවද පාළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් යන්නේ නම් එය හිතකර තත්ත්වයක් නොවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණය කුමන තත්ත්වයක් යටතේ හෝ ඉතා ඉක්මනින් පැවැත්වීම වත්මන් රජයේ වගකීමක් බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ආණ්ඩුවට බල කර සිටින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ගම්පහ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

 කෙසේවෙතත් මෙම වසර අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.