දූෂණ චෝදනාවලට සම්බන්ධ සියයට 90ක් අත්අඩංගුවට

දූෂණ චෝදනාවලට සම්බන්ධ සියයට 90ක් අත්අඩංගුවට

July 17, 2017   08:01 am




විවිධ දූෂණ චෝදනාවලට සම්බන්ධ පුද්ගලයින්ගෙන් සියයට 90ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව විදුලිබල  පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මෙම පුද්ගලයින් සම්බන්ධ ලිපි ගොණු ඉදිරි නීතිමය කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.