අනතුරින් 1ක් මරුට

අනතුරින් 1ක් මරුට

July 17, 2017   07:59 am



හෙයියන්තුඩුව, නයාගල හන්දියේදී සිදු වු යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගලක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි තරුණයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර සපුගස්කන්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.