ගිනි අවියක් සමඟ 2ක් අල්ලයි
July 17, 2017 07:46 am
මීරිගම, කිතලවලාන ප්රදේශයේදී ටී 56 ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
එහිදී ඔවුන් සතුව තිබී ටී 56 ගිනි අවිය සඳහා භාවිතා කරන උණ්ඩ 25ක් ද පොලීසිය බාරයට ගෙන තිබේ.
සැකකරුවන් මීරිගම ප්රදේශයේම පදිංචි 21 හැවිරිදි සහ 41 හිවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.