මේ ආණ්ඩුව 2020 වනතුරු ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනවා

මේ ආණ්ඩුව 2020 වනතුරු ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනවා

July 16, 2017   09:09 pm



කවුරු මොන දේ කිව්වත් මේ ආණ්ඩුව 2020 වනතුරු ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 

ඔහු මේ බව සඳහන් කළේ (16) කුරුණෑගල දිස්ති‍්‍රක්කයට අයත් මහව, මඩගල්ල, හක්වටුනාව වාරි ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු සොයා බැලීමේ චාරිකාවකට එක්වෙමිනි.

මෙහිදී මාධ්‍යවේදීන් අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

සමහරු සද්ද දාල ආණ්ඩුව බය කරන්න හදනවා. තවත් අය ආණ්ඩුවෙන් යනවා කියල සද්දෙ දානවා. මේ කියන අයට යන්න තැනක් නෑ. ගියත් ආණ්ඩුව හෙල්ලෙන්නෙත් නෑ.  පහුගිය ආණ්ඩුව යටතේ සිදුකළ ව්‍යාපෘතිවලින් රටට සැබෑ ප‍්‍රතිලාභයක් ලැබිල නෑ. ලෝකෙට ණය වෙලා මේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කළා. අද ණය බරින් රටම පීඩාවට පත්වෙලා. හිටපු නායකයා තැන තැන ඇවිද ඇවිද හිටියට මේ පීඩාව දුරු වෙන්නේ නෑ. 

අද විශාල සංවර්ධනයක් සිදු වනවා. ගොවි සංවිධාන නිසි පරිදි දැනුම්වත් කර වඩාත් විනිවිදභාවයකින් එම ව්‍යාපෘති දියත් කරන්න අපි පියවර ගෙන තිබෙනවා. ඒ අතරෙ විවිධ කල්ලි කණ්ඩායම් ජනතාව උසි ගන්වමින් දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා.