පරාජිතයින්ගෙන් ආණ්ඩුව අස්ථාවර වීමට ඉඩ දෙන්නෙ නෑ
July 16, 2017 03:08 pm
බලය හා පවුල පමණක් තම අභිප්‍රාය කර ගත් පරාජිතයින් පිරිසක් ආණ්ඩුව බලයට පැමිණි දා සිට එය විනාශ කිරීමට නොයෙක් ක්‍රියාමාර්ග ගනු ලැබූව ද කුමන ලෙසකින්වත් ආණ්ඩුව අස්ථාවර වීමට තම පක්ෂය ඉඩ නොතබන බව දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ලාල් බන්ඩාරිගොඩ මහතා පවසයි.
අද(16) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.
අද වන විට ආර්ථිකය යම් ස්ථාවරත්වයකට පැමිණෙමින් තිබෙන බවත් කෙසේ හෝ දේශිය හා විදේශිය ආයෝජන නැවැත්වීමේ අදහසින් මෙලෙස ආණ්ඩු විරෝධීන් ක්‍රියාකරනු ඇතැයි සැකයක් ඇති වී තිබෙන බව ද මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.
කෙසේ හෝ 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා රට බාරගත් මොහොතේ මීතොටමුල්ල වැනි තවත් කුණු විශාල ප්‍රමාණයෙන් තිබූ බවත් ණය නැමති කුණු කන්ද විශාල ගැටළුවක් වු බවත් මන්ත්‍රිවරයා මෙහිදි පැවසීය.
පවතින තත්ත්වය තුළ ආණ්ඩුව රැක ගැනීමට තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් කැපවීමෙන් හා දිවිහිමියෙන් ක්‍රියාකරන බව ද මන්ත්‍රිවරයා මෙහිදි තව දුරටත් පැවසීය.