දුම්රිය ස්ථානවල තැන තැන කසළ බැහැර කරන මගීන්ට දඩ

දුම්රිය ස්ථානවල තැන තැන කසළ බැහැර කරන මගීන්ට දඩ

July 16, 2017   02:03 pm



දුම්රිය මාර්ගවල සහ දුම්රිය ස්ථානවල තැනින් තැන කසළ බැහැර කරන දුම්රිය මගීන්ට ඉදිරියේ දී දඩ පැනවීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 දුම්රිය මගීන් දුම්රිය මාර්ගයට සහ දුම්රිය ස්ථානවල කසළ බැහැර කිරීම හේතුවෙන් දුම්රිය මාර්ග සහ දුම්රිය ස්ථාන අපිරිසිදු වන බව අමාත්‍යවරයා පෙන්වාදේ.

“ඩෙංගු වනසමු රටම සැනසෙමු“ යන තේමාව යටතේ රජය ක්‍රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල දී එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කියා සිටියේය.

දිවයින පුරා ප්‍රධාන දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන 351ක් පුරා අද(16) සිට මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මකවේ.

සමාරම්භක අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ දුම්රිය ස්ථානවලට පමණක් නොව දුම්රිය මැදිරි සහ දුම්රිය අංගන තුළ ද ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවය.