පොල් ගෙඩියකින් පහරදී බිරිඳ ඝාතනය කරලා

පොල් ගෙඩියකින් පහරදී බිරිඳ ඝාතනය කරලා

July 16, 2017   01:55 pm


තිරික්කෝවිල්, තඹුලුවිල් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් සිය බිරිඳ ඝාතනය කර තිබේ.

පවුල් ආරවුලක් මත අදාළ පුද්ගලයා විසින් පොල් ගෙඩියකින් පහරදී බිරිද ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි කාන්තාවකි.

ඝාතනයට සම්බන්ධ සැකකරු තිරුක්කෝවිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.