නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ 6ක් අල්ලයි

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ 6ක් අල්ලයි

July 16, 2017   11:36 am




නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් හය දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය, කිලිතිව් හා නෙදුන්තිව් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් යොදාගනිමින් ධීවර කටයුතුවල නිරතව සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

එහිදි ඩිංගි යාත්‍රා තුනක් තහනම් දැල් සහ මසුන් කිලෝග්‍රෑම් 20ක තොගයක් නාවික හමුදා බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න වැඩිදුර විමර්ශන සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාරදුන් බව නාවික හමුදාව පැවසුවේය.