කාන්තා කණ්ඩායම පකිස්ථානය පරදවයි
July 16, 2017 11:33 am
අයි.සි.සී. කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ දී ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සිය පළමු සහ එකම ජයග්රණය ඊයේ(15) වාර්තා කළේය.
ඒ පාකිස්ථාන කාන්තා කණ්ඩායම පරදා ලකුණු 15ක ජයක් හිමිකර ගනිමින්ය.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 221ක් ලබාගත්තේය.
එහිදි ඩිලානි මනෝදරා ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 206ක් පමණි.
පන්දු යැවීමේ දී චන්දිමා ගුණරත්න කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.
ලෝක කුසලාන කාන්තා ක්රිකට් තරඟාවලියේ පළමු වටයේ තරඟ ඊයේ(15) දිනයෙන් අවසන් වු අතර සහභාගී වු තරග 7න් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ජයගැනීමට සමත් වුයේ ඊයේ(15) පැවති තරගය පමණි.
පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහභාගී වු සියලුම තරඟ පරාජයට පත්ව තිබේ.
තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත ඔස්ට්රේයලියා, ඉන්දියා සහ දකුණු අප්රිකානු කාන්තා කණ්ඩායම් සමත්විය.