සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර තෙවන දිනය අදයි
July 16, 2017 10:22 am
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි.
ඊයේ(15) දිනයේ තරඟය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 293ක් ලබා සිටියේය.
නොදැවී පන්දුවට පහරදුන් අසේල ගුණරත්න ලකුණු 24ක් ද රංගන හේරත් ලකුණු 5ක් ද ලබා ගැනීමට සමත් විය.
සිම්බාබ්වේ කණ්ඩායම සිය ප්රථම ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 356ක් ලබාගත්තේය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම තවත් කඩුලු තුනක් අතැතිව සිම්බාබ්වේ පළමු ඉනිමට ලකුණු 63ක් පිටුපසින් සිටියි.