Back to Top

ක්‍රෙඩිට් කාඩ්පත් ජාවාරමක නිරත වූ ලාංකිකයෙකු ඇතුළු 3ක් කොටු

AdaDerana Ad

ක්‍රෙඩිට් කාඩ්පත් ජාවාරමක නිරත වූ ලාංකිකයෙකු ඇතුළු 3ක් කොටු

July 16, 2017  10:17 am

Bookmark and Share


ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය ප්‍රදේශයේ පදිංචිව සිට මීට දශකයකට පමණ පෙර නීති විරෝධීව ඉන්දියාවට ගොස් ඇති දිව්යාන් නමැති ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.

 සැකකාර ශ්‍රී ලාංකිකයා තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සමඟ එක්ව විවිධ පුද්ගලයින්ගේ ක්‍රෙඩිට් කාඩ්පත්වල තොරතුරු ලබාගෙන ව්‍යාජ කාඩ්පත් සකස් කර ඒවා මාර්ගයෙන් අන්තර්ජාල මිලදී ගැනීම් සිදුකර ඇති බව ඉන්දීය පොලීසිය පවසයි.

 ඔවුන් සතුව තිබී එලෙස සකස් කරන ලද ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් 144ක් ද සොයාගෙන තිබේ.

ඊට අමතරව එම ව්‍යාජ කාඩ්පත් බෙදාගනිමින් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා ලද ඉන්දීය රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රූපවාහිනි යන්ත්‍ර තුනක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

 අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා ඇතුළු සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ඉන්දීය සයිබර් අපරාධ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.