සහල් මෙට්‍රික් ටොන් 55000ක් ආනයනය කිරීමට සූදානමක්
July 16, 2017 09:51 am
දේශීය වෙළෙදපොළේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්‍රික් ටොන් 55000 (පනස්පන්දහසක්) පකිස්ථානයෙන් හා මියන්මාරයෙන් ආනයනය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අකර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශකර තිබේ.
එම නිවේදනය පහත පරිදි වේ,
මේ අනුව මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් 30000 ක් හා පකිස්ථානයෙන් සහල් මෙට්‍රික්ටොන් 25000 ක් මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇත.
පසුගියදා (ජුලි 07) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් මත එම අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස් .ලොකුහෙට්ටි මහතා හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු මෙන්ම ආහාර තාක්ෂණවේදියකුද මෙරට පරිභෝජනයට සුදුසු සහල් පරීක්ෂා කිරීම සඳහා මියන්මාරයට හා පකිස්ථානයට ගිය අතර එම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සහල් තොගය මෙරටට ආනයනය කිරීමට කටයුතු සුදානම් කර ඇත.
ඇතැම් කූට වෙළෙදුන් විසින් සහල් තොග සගවා මෙරට තුළ සහල් හිගයක් මවාපාමින් මිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවත්, පාරිභෝගික ජනතාවට ඉන් සිදුවන අපහසුතාව මග හැරීම සඳහා මෙන්ම රට තුළ සහල් හිඟයක් ඇතිනොවීමටත් මෙලෙස සහල් මෙට්‍රික් ටොන් 55000 ආනයනය කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පවසයි.එම සහල් තොගය තවත් සති දෙකකින් පමණ මෙරටට ලැබීමට නියමිතව ඇති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසයි.