ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජූලි 25 තෙක් රිමාන්ඩ්
July 16, 2017 07:36 am
අත්අඩංගුවට ගනු ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ජූලි 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
හෙතෙම ඊයේ දිනයේ කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු පවසයි.
යාපනය, පුංකුඩතිව් හි පදිංචිව සිටි විද්‍යා දැරිය 2015 මැයි 13 වන දින පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන මහලිංගම් ශෂිකුමාර් යන අය ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට බාරදී ඇතත් කයිට්ස් පොලීසිය විසින් ඔහු නිදහස් කර තිබිණි.
මේ හේතුව නිසා ප්‍රදේශයේ ජනතාව හා කයිට්ස් පොලීසිය අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් එවක උද්ගතවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කලහකාරී ලෙස හැසිරුණු ප්‍රදේශවාසීන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී.
මේ අනුව සැකකරුට පලායන්නට අනුබලදීම යන චෝදනාව යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අඛණ්ඩව විභාග කෙරෙන විද්‍යා ඝාතන නඩුවේ සාක්ෂි විමසීම් සිදුවන අතරතුරදීය.