නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳුදා රජයට පවරාගනී
July 14, 2017 03:35 pm
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ලබන සඳුදා රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අද(14) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
නෙවිල් ප්‍රනාන්දු රෝහල සෙඛ්‍ය අමාත්‍යංශය යටතට පවරාගෙන එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමටත්, පාලනය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබෙන බව වාර්තා වෙයි.
එමෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් රෝගීන් සඳහා නොමිලයේ ප්‍රතිකාර ලබා දෙන අතර එහි ගෙවීම් වාට්ටු ක්‍රියාත්මක කිරීමට ද නියමිත බව සඳහන්ය.
එය රජයට පවරා ගැනීම එළඹෙන සඳුදා දින පෙරවරු 10ට ජනපති ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බවද ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම වෛද්‍ය සභාවේ පුරප්පාඩු වූ සභාපති ධූරය සඳහා කවුරුන් පත් කරන්නේද යන්න පිළිබඳව තවමත් තමන් තීරණය කර නොමැති බවද සඳහන්ය.
එමෙන්ම වර්තමානයේ පැන නැගී ඇති ඩෙංගු වසංගත තත්ත්වය මැඩලීම සඳහා කියුබානු ක්‍රමය මෙරටට නුසුදුසු බව කී ඒ මහතා කියා සිටියේ මෙරට පවත්නා බහු පක්ෂ ක්‍රමය යටතේ එය සිදු කළ නොහැකි ක්‍රියාවක් බවයි.
එමෙන්ම වර්තමානයේ ඩෙංගු රෝගීන්ගේ ගණනය කිරීම් නිසි ආකාරයෙන් සිදු වන බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඒවා ඔවුන්ගේ ගණනය කිරීම් සඳහා යොදා ගන්නා බවද ඒ මහතා කියි සිටියේය.