තැපෑල හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩ නෑ

තැපෑල හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩ නෑ

June 25, 2017   09:09 pm


ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති හෙට(26) මධ්‍යම රාත්‍රී සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු එච්.කේ.කාරියවසම් මහතා සඳහන් කළේ සිය ගැටළුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

 මෙම වර්ජනය සඳහා තැපැල් කාර්යාල 653ක උප තැපැල් කාර්යාල 3410ක සහ පාලන කාර්යාල 100කට ආසන්න කාර්යාල පද්ධතියේ සේවයේ  නියුතු 25,000කට අධික සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක්වීමට නියමිත බව එම පෙරමුණ සඳහන් කළේය.