මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව අත්වැල් බැද ගනියි

මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව අත්වැල් බැද ගනියි

June 25, 2017   06:02 pm


ඔස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ විශාලම මුර සංචාරක යාත්‍රාව වන ඕෂන් ෆීල්ඩ් ප්‍රථම වරට ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන රටවල සංචාරයක නිරත වී ඇති අතර ඔස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ නාවිකයින්  ශ්‍රී ලංකා නාවිකයින් හා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් අතර දැනුම හුවමාරු කර  ගත් අතරම මෙහෙයුම් ක්‍රියාකාරකම් වල නිරත වූ බවද වාර්තා වේ.

මෙම සංචාරය වැදගත් වන්නේ කුමන හේතුවක් මතද යන්න පිළිබදව ඔස්ට්‍රේලියානු දේශ සීමා මෙහෙයුම් අණදෙන නිලධාරී එයාර් වයිස් මාෂල් ස්ටෙෆන් ඔස්බෝර්න් මහතා නිවේදනයක් මඟින් පැහැදිළි කර තිබේ.

එම නිවේදනයේ අන්තර්ගතය පහත පරිදි වේ,

‘‘මිනිස් ජාවාරම ගෝලීය ගැටළුවකි.අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීම මඟින්,මෙම අපරාධකරුවන්ව පරාජය කර මිනිස්  ජීවත ආරක්ෂා කර ගැනීමට උපකාර කරනු ඇත.‘‘ යනුවෙන් ඔහු පැවසීය.

එයාර් වයිස් මාෂල් ස්ටෙෆන් ඔස්බෝර්න් පැවසූයේ කාර්යක්ෂම ජාත්‍යන්තර සහයෝගීතාව සහ තොරතුරු බෙදාහදා ගැනීම මඟින් බෝට්ටු නැවැත්වීමට ඔස්ට්‍රේලියාව සතු හැකියාව වැඩිකර ඇති බවය.

‘‘මෙම වසර ආරම්භයේදී ඔස්ට්‍රේලියාව මඟින් ශ්‍රී ලාංකිකයින් 25 දෙනෙකු රැගෙන යන මිනිස් ජාවාරම් බෝට්ටුවක් අතර මගදී අල්ලා ගන්නා ලදී.ශ්‍රී ලාංකීය අධිකාරීන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කර එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් 25දෙනාම නැවත ශ්‍රී ලංකාවට  පිටත් කර යවන ලදී.

අවසාන මිනිස් ජාවාරම් බෝට්ටුව ඕස්ට්‍රේලියානු වෙරළ තීරයට පැමිණ දින 1000ට වඩා කල් ඉකුත්ව ගොස් ඇති අතර , මිනිස් ජාවාරම හේතුවෙන් මුහුදේ දැනගෙන සිදු වූ මරණය සිදු වී වසර තුනකට වඩා කල් ඉකුත්ව ඇත.

එයාර් වයිස් මාෂල් ස්ටෙෆන් ඔස්බෝර්න් ශ්‍රී ලාංකීය -ඔස්ට්‍රේලියානු සාජිකයින් හට උනන්දු කරනුයේ සිය මුදල් අපතේ යවා නීති වීරෝධී ලෙස ජීවිත අවධෘනමට ලක් කර නොගන්නා ලෙස සිය නෑයින්ට පවසන ලෙසයි.

නීති විරෝධී ලෙස බෝට්ටුවෙන් -ඔස්ට්‍රේලියාවට ඒමට උත්සාහ කිරීම අන්තරායකාරී මෙන්ම අර්ථ විරහිතය.ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට උත්සාහ කරන්න ඕනෑම මිනිස් ජාවාරම් බෝට්ටුවක් නවතා හරවා යවනු ඇත.ඔස්ට්‍රේලියාවට ඒමට ඇති නීති විරෝධී මාර්ගය වසා ඇති අතර එය එසේ දිගටම වසා තබනු ඇත.

ඔස්ට්‍රේලියාව එහි ජාත්‍යන්තර පාර්ශවකරුවන් විසින් මිනිස් ජාවාරමට එරෙහිව කරන සටනේ ප්‍රගතියක් තිබුණද,අපගේ කලාපය පුරා මිනිස් ජාවාරම් කරුවන් විස්න් ගොදුරු විය හැකි මිනිසුන් හට සිය මුදල් ලබා දී නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට යාමට උත්සාහ දරන ලෙස ඒත්තු ගන්වමිනි.