කොළඹ සිට බදුල්ල දෙසට ගිය දුම්රියේ මැදිරි කිහිපයක් ඉවතට යයි

කොළඹ සිට බදුල්ල දෙසට ගිය දුම්රියේ මැදිරි කිහිපයක් ඉවතට යයි

June 25, 2017   04:54 pm



කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කළ දුම්රියක් හැටන් ,සිංගිමලෛ ප්‍රදේශයේදී දුම්රිය මැදිරි කිහිපයක් කැඩී ඉවතට ගොස් ඇති බව වාර්තාවේ.

අද (25) පස්වරු 2.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

මෙම සිද්ධියෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව අප වාර්තාකරු පවසයි.

මෙම දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් වෙනත් විශේෂ දුම්රියක් මගින් බදුල්ල වෙත යැවීමට කටයුතු කර ඇති බවද අප වාර්තාකරු වැඩිදුරටත් පවසයි.