කේරළ ගංජා ප්‍රවාහනය කළ 2ක් අල්ලයි

කේරළ ගංජා ප්‍රවාහනය කළ 2ක් අල්ලයි

June 25, 2017   03:10 pm



කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු තලෙයිමන්නාරම ස්වාමිතෝට්ටම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් අනුව උතුරු මැද නාවික විධානයේ නාවිකයින් පිරිසක් සහ මන්නාරම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.

සැකකරුවන් විසින් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු කේරල ගංජා කිලෝග්‍රෑම් 135ක් එහිදී සොයාගෙන තිබේ.

කේරළ ගංජා තොගය සහ සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.