තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරලා

තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරලා

June 25, 2017   02:32 pm




හම්බන්තොට, සිප්පිකුලම පාසල් මාවත ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ප්‍රදේශයේ ආරවුලක් හටගෙන ඇති බවට හම්බන්තොට පොලීසියට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුව රාත්‍රී ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති බව සඳහන්වේ.

එහිදී කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු සහ අලාභ හානි සිදුකරන ලද ත්‍රීරෝද රථයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ හම්බන්තොට, සමගිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි.

තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන අතර ගැටුමේ දී නිවසකට ද හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධියට අදාළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා හම්බන්තොට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.