අධික ආදායම් උපයන පන්සල් වල අදායම රජයට පවරා ගැනීම කාලෝචිතයි

අධික ආදායම් උපයන පන්සල් වල අදායම රජයට පවරා ගැනීම කාලෝචිතයි

June 25, 2017   12:32 pm



අධික ආදායම් උපයන වෙහෙර විහාරස්ථානවල ආදායම රජයට ගැනීමට ගෙන ඇති තීරණය ඉතා කාලෝචිත බව නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ  එම ආදායම් රජයට  ලබාගෙන දුෂ්කර වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට යොමුකිරීම සුදුසු ක්‍රියාවක් බවය.

 අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා විසින් රංගිරි දඹුළු රජමහා විහාරයේ ආදායම රජයට පවරාගෙන වෙහෙර විහාරස්ථාන වැඩි දියුණු කිරීම සඳහා එම මුදල් යෙදවීමට තීරණයක් ගනු ලැබීය.

අදාළ තීරණය සම්බන්ධයෙන් අනුරාධපුරයේ දී  අද(25) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් වනවාසී රාහුල හිමි මෙම අදහස් පළ කළේය.