ගැටළුවලට විසඳුම් දෙන්න ආණ්ඩුව අපොහොසත්වෙලා
June 25, 2017 12:27 pm
වර්තමානයේ පවතින කිසිදු ගැටළුවකට විසඳුම් ලබාදීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවට නිසි ප්රතිපත්තියක් නොමැතිකමින් ජනතාව විවිධ අර්බුදවලට මුහුණ දී සිටින බවය.
හම්බන්තොට ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා මෙම අදහස් පළ කළේය.