සයිටම් සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැන කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ

සයිටම් සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැන කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ

June 25, 2017   12:25 pm



මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ලබන අගහරුවාදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකබද්ධව අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බවය.

 සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ඊයේ(24) දිනයේ ජනාධිපතිවරයා විසින් රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයට ලබාදුන් විසඳුම් අදාළ කැබිනට් පත්‍රිකාවට ඇතුළත් වනු ඇත.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.