අනතුරින් කතක් මරු දකියි

අනතුරින් කතක් මරු දකියි

June 25, 2017   11:16 am



ඌරගස්මංහන්දිය කටුවත්ත ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

මාර්ගය හරහා ගමන්ගත් කාන්තාව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

බරපතල තුවාල ලැබු ඇය බෙන්තොට රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ බෙන්තොට පහුරුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක් බව සඳහන්වේ.

 ‍අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.