විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ  සිරුර සිය නිවසින් හමුවෙයි

විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ සිරුර සිය නිවසින් හමුවෙයි

June 25, 2017   10:44 am



වව්නියාව, කුරුමන්කාඩුව ප්‍රදේශයේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු  සිය නිවස තුළ මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

 වව්නියාව පොලීසියට ලද තොරතුරක් මත එම මළ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

 ඔහුගේ බිරිඳ ඥාති නිවසක් වෙත ගොස් සිටියදී අදාළ විශ්‍රාමික පොලිස් නිලධාරියා නිවස තුළ මියගොස් ඇති බව සඳහන්වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 73 හැවිරිදි අයෙකු බව වාර්තාවේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(25) වව්නියාව රෝහලේදී සිදුකිරීමට නියමිතය.