අලි ප්‍රහාරයෙන් දැරියක් නොඑන ගමන් යයි

අලි ප්‍රහාරයෙන් දැරියක් නොඑන ගමන් යයි

June 25, 2017   10:40 am



සේරුනුවර කාවන්තිස්සපුර ප්‍රදේශයේ දී  වන අලි පහරදීමකින් කුඩා දැරියක් මියගොස් තිබේ.

 සේරුනුවර කාවන්තිස්ස පුර මංගල වැව මාර්ගයේ ගමන් කරමින් සිටියදී එම දැරිය වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හයක දැරියකි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය ඥාතීන්ට බාරදී ඇති අතර සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.