අදත් වැසි

අදත් වැසි

June 25, 2017   09:50 am



අද (25) දිනයේ දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ උතුරු මැද පළාත්වලට වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රීක්කවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

පුත්තලම සිට මන්නාරම හරහා ත්‍රීකුණාමලය දක්වා ද හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා ද මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.